ලලිත් සහ කූගන් අතුරුදන් කිරීමේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයක් - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ඔන්ලයින් ඔස්සේ සාක්ෂි දෙයි
ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ .
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින හිටපු ජනාධිපතිවරයා, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබාදීමට නියමිතය .
මෙම නඩුවට අදාළව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදෙන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට නියෝග කර තිබුණි.
2011 වසරේ දෙසැම්බර් 10 වැනිදා යාපනය, ආවරංකාල් ප්‍රදේශයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරේ.
අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.