අසත්‍ය පුවතක් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවත් ආදී වශයෙන් වූ නොමග යවන සුළු හා සාවද්‍ය පුවත් සමහර මාධ්‍ය තුළ සංසරණය වන බව බලශක්ති අමාත්‍යාංශය අමාත්‍යාංශය සදහන් කර තිබේ.
ඒ වගේම නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති අතර බලාගාරයේ කටයුතු සාමාන්‍යය පරිදි සිදු වෙන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කර තිබේ.
බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කළේ එමෙන්ම ඉතිරි සැපයුම් බාදාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති අතර අවශ්‍යය වී නම් හදිසි ගල් අඟුරු සැපයීමක් සඳහා කළ යුතු මූලික පියවරයන් ගෙන ඇති තත්වයක් තුළ හා අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍යය දැවි තෙල් තොග පවතින තත්වයක් තුළ ඉහත පරිදි විදුලි කප්පාදුවක් ඇති නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බවයි.
මැදපෙරදිග බිහිසුණු යුධ ගැටුම් මැද ඉරාන නෞකාවේ පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට
මේ හේතුවෙන් බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙසයි.