කාන්තාවන්ට ශක්තියක් වන ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල ඇරඹෙයි
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල අද (07) උදෑසන 9.00ට මාතර වෙරළ උද්‍යානයේදී ආරම්භ විය.
මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂක ජී.අයි. සජීවනී පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.
මෙම ලිය සවිය සඳහා කාන්තා ව්‍යවසායිකාවන් 300ක් පමණ වෙළඳපොල අවස්ථා ලබාගෙන ඇති අතර, ඊයේ (07) සහ හෙට (08) යන දෙදින පුරා මාතර වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.
සංවිධායක මණ්ඩලය විශ්වාස කරනවා මේ අවස්ථාව, ප්‍රදේශයේ ජනතාවට සහ සංචාරකයන්ට දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට මෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට කදිම අවස්ථාවක් බවට පත්වේ.