පාසල් සිසුවෙකුට කොන්දොස්තරවරයෙකුගෙන් පහරදීමක්.
පාසල් සිසුවෙකුට රිය සහයකයෙකු විසින් පහරදීමේ සිද්ධියක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එසේ පහර කෑමට ලක් වූ පාසල් සිසුවා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ පහරකෑමට ලක්ව ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව - කොටාගල පිරිවෙණේ අධ්‍යාපනය ලබන නිපුන් කවීෂ නැමති දාසය හැවිරිදි පාසල් සිසුවෙක් ය.
යාපනය ඩිපෝවට අයත් ලංගම බස් රථයක සිටි රිය සහයකයෙකු මෙසේ එම පාසල් සිසුවාට පහරදීම් සිදු කර ඇත්තේ.
පාසල්වල වාර විභාග පවතින නිසා ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව ඉල්ලා බස් රථයට ගොඩ වනවාත් සමඟ කොන්දොස්තරවරයා තමන්ව බස් රථයෙන් එළියට ඇද දමා පහරදුන් බව සිසුවා පවසා ඇත.
කෙසේවෙතත්, වෙනත් දිනවල එම බස් රථයේ සේවය කරන කොන්දොස්තරවරයා පාසල් සිසුන්ට කිසිවක් නොකියා ප්‍රවේශ පත් ලකුණු කර සිසුන් රැගෙන යන බව එම සිසුවා කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |