මස්කෙළියෙත් මළ කෙළියක් - ලොකු විරෝධතාවක්
මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂ්ට කර්ය මණ්ඩලයේ සේවකයින් අද (25) දින උදෑසන 11 සිට 11:30 දක්වා පැය භාගයක කාලයක් සේවා කටයුතුවලින් ඉවත්ව රෝහල ඉදිරිපිට කළු පටි පැළද විරෝධතාවයක නියැලී තිබුණා.
පසුගිය (23) වන දින රාත්‍රී 11:00ට පමණ බීමත්ව එම රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහර දීමට තැත්කර එම පුද්ගලයා රෝහලෙන් පලා ගොස් තිබෙනවා.
ඒ අනුව එම සිද්ධියට විරෝධය පාමින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් මෙසේ කළු පටි පැළද විරෝධතාවයේ නියෑලී සිට තිබුණා.
මේ අතර විරෝධතාවයේ නියැලී සිටි සේවකයින් කියා සිටියේ මෙවැනි සිද්ධීන් නැවත රෝහල තුල ඇති නොවීමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් වග බලා ගත යුතු බවයි.
එසේම රෝහලට පැමිණ කලහකාරි ආකාරයට හැසිර පහර දීමට තැත්කළ පුද්ගලයා සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියටද පැමිණිල්ලක් කර ඇති බැවින් එම සැකකරු සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මස්කෙළිය ඩී සයිඩ් වතුයයේ පදිංචිකරුවෙකු බවයි.
ඒ අනුව එම සැකකරුව මස්කෙළිය පොලිසිය මගින් (24) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළා.
එමෙන්ම සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත අද (25) දින ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර මෙවැනිම සිද්ධියක් ඉකුත්දා ඩයගම ප්‍රාදේශීය රෝහලේද සිදුව එය පදනම් කර ගනිමින් එම රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩලයේ සේවකයින් රෝහලේ සේවා කටයුතුවලින් දින කිහිපයක් බැහැරව සිටියා.
පසුව ඊයේ (24) දින නැවත එම රෝහලේ දෛනික සේවා කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.