පළවැනි පාරට එයාගේ ගෙදර එයාගේ ඇඳේ දිගාවෙන්න කලින් මම දැක්ක දේ !දෙයියො සිහිවුණා!! මෙහෙමත් පිළිකුල් සහගත ආශාවන් තියෙනවද ? “ඊයා” නොකියා බලන්න.
“මම කවදාවත් ඇවිත් නෑ. මම කිව්වෙම බැන්ඳම යමු කියලයි...” “අද දවස විශේෂ නිසා ලස්සනට සරසලා තිබුණා.
ඇඳ පුරාම රතු රෝස..” "මිනිස්සුන්ට තියෙනවා අසීමිත ආශාවන්..
ඒවාට සීමාවක් නෑ. මායිමක් නෑ. ඔහේ ගලාගෙන යන හැඟීම්....
මට එදා එහෙම හිතුණා. මම කසාද බැඳලා ගියේ මහත්තයෙක්ව.
මට එයාගෙන් වරදක් වෙලා නෑ සත්තයි. ඒ මනුස්සයා ගුණ යහපත්..
අම්මලා කිව්ව වගේම සිගරැට් එකක්වත් කටේ තියන මනුස්සයෙක් නෙවෙයි.
බොන්නෙ නෑ බියර් උගුරක්වත්.. ඒත්.......
මට එයා එක්ක තරහා ආවේ, එයා ඒ පිළිකුල් සහගත දේ නොකියා හැංඟුවාට.." මේ ගැහැනිය අහඹු හමුවීමක්...
දීර්ඝ කතාවක්.. බොහෝම ඉක්මණින් කියන්න තනනවා.
පිරිමින් ගැන වෛරයකින් නෙවෙයි, අනුකම්පාවෙන් කියන කතාවක්.
"අපි බැන්ඳට පස්සෙ හොටෙල්වල ගියේ නෑ. එයාගේ ඇනෙක්ස් එකට ගියේ.
එදා හනිමූන් එක එයාගේ ඇනෙක්ස් එකේ ප්ලෑන් කළේ. ඒක කෙල්ලෙක්ගේ ජීවිතේ ආසම දවස.....
එයා ලස්සනට එතැන සරසලා තිබුණා. මම බොහෝම ආදරෙන් එයාව ඉම්බා.....
ලයිට් නිවන්න හැදුවත් මම එපා කියලා එයාව ළඟට ඇදගත්තා.
ඒ ඇඳේ දිගාවෙන්න පෙරුම් පුරපු තරම මම දන්නෙ. එයා කොච්චරවත් ඇනෙක්ස් එකට එක්කන් එන්න හැදුවත් මම කවදාවත් ඇවිත් නෑ.
මම කිව්වෙම බැන්ඳම යමු කියලයි..." "මම මුලින්ම කළේ ඇනෙක්ස් එක බලපු එක...
බොහෝම ලස්සනට එයා ඒක තියාගෙන හිටියා. අද දවස විශේෂ නිසා ලස්සනට සරසලා තිබුණා.
ඇඳ පුරාම රතු රෝස... එයා බාත්රූම් එකට රිංගපු අතරේ මම සාරියත් ගලවන්නෙ නැතුව එයාගේ මුලු ඇනෙක්ස් එකම සර්ච් කළා.
ඒක එයාගේ වැරදි හොයන්න නෙවෙයි.
ආසාවට කරපු දෙයක්. මම ප්ලෑන් කළා ගොඩක් දේවල්.
එයා එක්ක... මෙතන ඉන්න.......
ඒත් දන්නවද මම දැක්ක දේ...
එක තැනක ටවල් එකකින් වහලා තිබුණා මොනාදෝ දේවල් වගයක්. ඒක තදින් ගැටගහලයි තිබුණේ...
මම ඒක දිගඇරියා.." "දෙයියනේ! ඔක්කොම පෑන්ටීස්.... ගෑනු අයගේ. මට කෑ ගැහුණා.
හිතන්න මට ඇතිවෙච්ච හැඟීම. එතන එක එක විදිහේ, එක එක සයිස්.....
කොටින්ම පුංචි කෙල්ලන්ගේ සයිස් පෑන්ටීස් පවා තිබුණා. මේවා කොහෙන්ද කොහොමද කාගෙද...
මට ඇඬුණා දෙයියනේ.. මගේ කෑ ගැහිල්ල අහලා එයා ආවා. එයා දැක්කා මගේ අතේ තියෙන දේ....
එයා වරුවක් කතා කළේ නෑ මා එක්ක. පස්සෙ මාව බදාගත්තා. ඇඬුවා හයියෙන්. පාපොච්චාරණය කළා.."
"එයා ඒවට පිස්සු වැටුණු කෙනෙක්. කොහේ හරි වැලක තියෙන ලේඩිස්ලාගේ පෑන්ටීස් දැක්කොත් උස්සනවලූ.
මේ ඇනෙක්ස් එකේම එහා පැත්තෙ හිටියේ ෆැමිලි එකක්. එයාලගෙනුත් අරන්.
හැබැයි ඒ කිසිම දවසක මෙයා මාට්ටු වෙලා නෑ. කාටවත් පේන්නෙ නැතිවෙන්න කරපු වැඩක් මේක.
ඊට අමතරව ගිය හැම තැනින්ම මෙයාට අහුවෙන තැනින් මේවා අරන් ඇවිල්ලා.
අවුරුදු ගාණක් තිස්සෙ එකතු කරපුවා තමයි මේ ගොඩ ගහන් ඉන්නේ.." "මම ඇඬුවා.
එයාගේ පපුවට ගගහා ඇඬුවා. එයා අනුකම්පාව ඉල්ලුවා මගෙන්.
පස්සෙ මම තේරුම් ගත්තා, මේක එයාගේ වරදක් නෙවෙයි, ඒක එයාගේ මානසිකත්වය.
මේක මානසික ලෙඩක්. ඉතින් අපි ගියා ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න.
එයා ගොඩක් හැදුණා. ගොඩක් කියන්නෙ........ ඇත්තටම දැන් එයා එහෙම නෑ...."
"මම එදා අසහනකාරයෙක් කියලා එයාව අතෑරියනම්..... මොකද වෙන්නෙ...
අදටත් එයා මට ස්තුති කරනවා ඒකට. ඒ වගේම එයා වෙනදටත් වඩා ආදරෙයි මට..."
ජනප්රිය නළු නිළියන්, ක්රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. |