මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය ගැන විශේෂ නිවේදනයක්.

Report

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, එම නිවාස වල හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බවටයි.

මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය ගැන විශේෂ නිවේදනයක්. | Home Ownership In Apartment Complexes

මේ සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔහු මෙම කරුණු අවධාරණය කළේ, සින්නක්කර ඔප්පු මගින් ජනතාවට රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය පැවරීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය ගැන විශේෂ නිවේදනයක්. | Home Ownership In Apartment Complexes

2024 වසර තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නිවාස 8351 කට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇති අතර එහිදී ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු ඉදිරිපත් කර ඇති නිෂ්කාශන සහ සහතිකවලට අදාළ ගැටලු, ඇපකර ගැටලු මෙන්ම ඇතැම් නිර්දේශ ලබා ගැනීම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.