ගෑස් මිල සම්බන්ධයෙන් රජය දුන් සහතිකය මෙන්න.

Keheliya rabukwella Home gas Cabinet press
By Aruna Jun 22, 2021 06:35 AM GMT
Report

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මේ බව පැවසීය.

ඒ අනුව ගෑස් සමාගම් නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු1 1,493ක මිලට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ් ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළෙඳපොළේ අලෙවි කළ යුතුය.

එමෙන්ම ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදුකිරීම සහ ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගත හැකිය.

රටට අවශ්‍ය LP ගෑස් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලාෆ් සමාගමේ නියෝජිතයින් ද ඇතුළත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ද එහිදී නිර්දේශය හිමිව තිබේ.

අනුකාරක සභාව විසින් නිර්දේශිත ක්‍රමවේදය ඉදිරි මාස 6 තුළ ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය මත ඉදිරි පියවර ගැනීමට ද නියමිතය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “මොනම හේතුවක් නිසාවත් මේ වෙලාවේ තියෙන තත්ත්වය තුළ ජනතාවට පීඩනයකට ලක්වීමට ඉඩදෙන්න බෑ.

වර්තමානයේ සහතියක් දෙන එක තමයි අපි කරන්නේ. රජයක් ලෙස අපි කුමන පාඩුවක් ලැබුවත් එය රජය යම් ක්‍රමවේදයක් තුළ හසුරුවා ගන්නා අතර මිල වැඩිකිරීමක් කිරීමට බලාපොරොත්තුවක් නෑ.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now