සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හෝමාගම ගඟනගේ ගෝලයා අවි සමඟ අත්අඩංගුවට
විදේශගතව සැඟව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "හෝමාගම ගගන" නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත නවීන ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 5ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි, දැනට පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව නැවතී සිටි 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත හෙවත් "අංජු" නැමැත්තෙකි.