කේක් එකක් විසි කරනවා දැක්ක නිසා අවවාද කරා විතරයි ගැහුවේ නෑ - පාසල් සිසුවාට පහර දුන් බව කියන විදුහල්පති අත්අඩංගුවට

Report

වයස අවුරුදු 12ක් වූ පාසල් සිසුවෙකුගේ කන් බෙරයට හානි වන ආකාරයට පහර දුන් බව කියන තලහිටිය විදුහලේ විදුහල්පතිවරයා තෙබුවන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, දොඹගොඩ පදිංචිකරුවෙකු වූ 55 හැවිරිදි අයෙක් බව සඳහන්.

පාසල් වාරය ඇරඹුණු ඉකුත් 20 වැනි දින වූ බව වාර්තා වෙන මෙම සිද්ධියෙන් අනතුරුව අඳාළ සිසුවා 21 වැනිදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

එමෙන්ම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හේමන්ත හරිස්චන්ද්‍ර සිල්වා විසින් ඔහු පරීක්ෂා කරන ලදුව දකුණු කන් බෙරයට හානිවී ඇති බවට වාර්තා කර ඇති බව සඳහන්.

මේ අතර නීතිඥ අචල වික්‍රමාරච්චි මඟින් පොලිසියට ඉදිරිපත්වූ සැකකාර විදුහල්පතිවරයා පවසා ඇත්තේ මෙම සිසුවා පංති භාර ගුරුතුමිය දෙසට කේක් එකක් විසි කරනවා දුටු තමා ඔහුට අවවාද කළා මිස පහරදීමක් සිදු නොකළ බවයි.

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

කෙසේ වෙතත් වරද පහදා දී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර ඊයේ (28 වැනිදා) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තෙබුවන පොලිසියේ විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේ ඇතුළු නිලධාරීන් පවත්වන බව සඳහන්.

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ