ලිංගික ඇසුරු නිසා ඇති වෙන භයනාක රෝගයක් තරුණයන් අතර වැඩිවීමක්... වළක්වාගන්න නව ප්‍රතිකාර ක්‍රමයකුත් එයි... අනිවාර්යෙන්ම අවදානයෙන් ඉන්න..
මෙරට තුළ මෙන්ම ලෝකය පුරා ව්‍යාප්ත වන භයානකම රෝගයක් තමයි HIV කියලා කියන්නේ.
ඉතින් මෙහි ශීඝ්‍ර ව්‍යාප්තියක් තියනවා කියලා මෙම වසරෙදි අපට අහන්නට ලැබුණා.
කොහොම වුණත් HIV අවදානමක් ඇති පුද්ගලයින්ට එම අවදානම වළක්වා ගැනීම සඳහා "ප්‍රෙප්" නම් නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා ඒ බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබාගන්නට හැකි බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය කියා සිටියේ.
නව ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මියගේ අදහස පහතින්, "මාස තුනකට වරක් තමා අපි දත්ත එකතු කරලා, පරීක්ෂාවට ලක්කරන්නේ.
සාමාන්‍යයෙන් වෙන වර්ෂවල වගේම තමා මේ වර්ෂයේත් HIV ආසාදනය වෙලා තියෙන්නේ.
හැබැයි අපි විශේෂයෙන් කියන්න ඕනේ 2022 වර්ෂයේ 2021කට සාපේක්ෂව 48%ක HIV නව ආසාදිතයින් වැඩි වුණා.
ඒකට හේතුව තමා 2021 වර්ෂයේ ගොඩක් අය කොවිඩ් ප්‍රශ්නය නිසා පරීක්ෂා කරන්න ආවේ නෑ.
මේ වර්ෂය අවසානයේ තමා අපිට කියන්න පුළුවන් ගිය වසරට වැඩිය HIV ආසාදනය වැඩිවුණා ද? අඩුවුණා ද? කියලා.
2023 වර්ෂයේ පළමු කාර්තුවේ නව ආසාදන 165ක් වාර්තා වුණා. මෙයින් වැඩිපුරම ආසාදනය වෙලා තියෙන්නේ පිරිමි අයට."
මේ අතර මේ වසරේ මුල් කාර්තුව තුළ HIV නව ආසාදිතයින් 165 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.
"ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් HIV අවදානමක් තියෙන අයට එය වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා.
ප්‍රෙප්" ප්‍රතිකාර ලබාගන්න පුළුවන් දිවයින පුරා තියෙන ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථාන 41න්ම.
තමන් HIV අවදානමට ලක්වීමට අවදානම් හැසිරීම් තියෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ගේ අවදානම ගැන කතා කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.
මේ සඳහා කරනු ලබන පරීක්ෂණ සහ ලබාදෙන ඖෂධ නොමිලේ තමා පාවිච්චි කරන්නේ.
HIV අවදානම තියෙන අයට මේ ප්‍රතිකාර ලබාගන්න කියලා අපි අවදානම් හැසිරීම් තියෙන අයට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා."
කොහොම උනත් ප්‍රතිකාර කරනවට වඩා හොදම දේ තමයි බෝ වීම වළක්වගන්න එක..
ඒ නිසා පහත තොරතුරු දැන සිටීම වැදගත් එච්.අයි.වී. රෝගය ආසාදනය විය හැකි අවස්ථා
එච්.අයි.වී. යමෙකුගෙන් නිරෝගී අයෙකුට එච්.අයි.වී ආසාදනය වියහැකි ප්‍රධානතම වර්‍ග තුනකි.
(1) අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතා මගින්,
(2) පුද්ගලයෙකුගේ රුධිර පරීක්ෂාව සහ රුධිර ආශ්‍රිත රුධිර පීඩනය මගින්.
(3) රෝගියා මවකගෙන් සිය රෝග ආසාදනය පැතිරීම
සීඝ්‍ර ලෙස සිදු වුවද ලංකාවේ වැඩිම එච්.අයි.වී. පුද්ගලයින් පිරිසක් වාර්තා වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගිනි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 86 කි.
ඒ අතරින් පිරිමි - පිරිමි අතර වත්මන් සමලිංගික අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් වැඩිපුර වාර්තාව.
තරුණයින් අතර HIV ආසාදනය වීමට බලපා ඇති හේතුව.
අනාගතයේ දී අනාගතය භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව අතර ජීවිත පුරාවට ප්‍රතිකාර ගැනීමට සිදු වන රෝගයකට ගොදුරු වීම ඛේදනීය තත්ත්වයකි.
එම තත්ත්වයට බලපා ඇති හේතූන් සාධක.
සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතය සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමට ළමා ලිංගික අපයෝජනය
සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන ලිංගික පීඩනය.
පාසල් අධ්‍යාපනය තුළ වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම වැනි කරුණු බලපා ඇත.
එච්.අයි.වී ආසාදනය විය හැකි ක්‍රම
විවාහය තෙක් ලිංගික සම්බන්ධතා ප්‍රමාද කිරීම
එක් විශ්වාසවන්ත සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික සබඳතා සීමා කිරීම.
ඔබ ආකාර්ෂා වීමට නම් පහත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න












