ශ්‍රී ලංකාවෙත් වැඩි වෙමින් පවතින HIV / ඒඩ්ස් (AIDS)

World Health Organization Sri Lanka Ministry of Health Sri Lanka HIV Symptoms
By Wayomi Dec 01, 2022 11:37 AM GMT
Wayomi

Wayomi

Report

එච් අයි වී (HIV) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) කියන වචනය බය හිතෙන වචනයක් නෙවෙයි හැබැයි බය විය යුතු රෝගයක්.HIV / ඒඩ්ස් අවම මට්ටමක තියෙන රටවල් අතරට අපේ රටත් ඇතුළත් වුණත්, අද වන විට නම් ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිත රෝගී වැඩි ප්‍රමාණයක් හමුවෙනවා.

ඔබට මතක ඇති පසුගිය කාලයේ මෙම රෝග සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ වැඩසටහනකදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කියා සිටියේ, 2022 වාර්තා වලට අනුව කැම්පස් ළමයි 50ක් පමණ මේ විටත් HIV / ඒඩ්ස් වලට ගොදුරු වී ඇති බවයි. ඔවුන්ට අමතරව තවත් විශාල ප්‍රමාණයක් මීට ඇතුළත් වෙනවා.


ඒඩ්ස් ගැන කතා කරද්දි ඒ වගේම ලිංගාශ්‍රිතව බෝ වෙන රෝග ගණනාවක්ම තියෙනවා.

❗️❗️❗️ ගොනෝරියාව (Gonorrhea) , සිපිලිස් (syphilis) , ලිංගික හර්පීස් (Genital herpes), ලිංගික ඉන්නන් (Genital warts), හෙපටයිටිස් බී (Hepatitis B) වැනි රෝග රැසක් තිබෙනවා.


HIV

❗️❗️ HIV වෛරසයට හැකියාව තියෙනවා මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට සෘජු බලපැම් කරන්න. ඒ එක්කම ප්‍රතිශක්තීකරණ පද්ධතිය (Immune system) අඩාල කරලා ආසාදිත පුද්ගලයාට ඒඩ්ස් (AIDS) ඇතුළු විවිධ රෝග තත්ත්ව ඇති කරන්න


HIV / ඒඩ්ස් (AIDS) ආසාදනය වන්නේ කෙසේද?   

❗️ අනාරක්ෂිත ලිංගික එක්වීමකින්

❗️ මවකගෙන් දරුවෙකුට ආසාදනය වීමේ හැකියාව පවතිනවා.ගර්භණි සමය තුළ මවකගෙන් දරුවෙකුට HIV ආසාදනය වන්නේ කලාතුරකින්,නමුත් දරු ප්‍රසූතියේදී සහ මව් කිරි දීමේදී වැඩි අවදානමක් පවතිනවා.

❗️ විවිධ අවස්ථා වල රුධිරය සහ ඒ ආශ්‍රිත කොටස් රෝගීන්ට ලබාදීම (Blood transfusion) සිදු කරනවා. එවැනි අවස්ථා වලදී HIV ආසාදනය රෝගීන්ගේ ශරීර ගත වීමේ හැකියාව පවතිනවා.

❗️එකම එන්නත් ක‍ටුව කිහිප දෙනෙක් භාවිතා කිරීම.


විශේෂයෙන් පහත සඳහන් පුද්ගලයන් සමඟ ලිංගික එක්වීම් වලදි පරිස්සම් විය යුතුයි.

❗️ හදීසියේ හඳුනාගන්න කෙනෙක් (stranger)

❗️ සම ලිංගික සේවනයේ යෙදෙන කෙනෙක් හෝ ඔවුන්ගේ සහකරුවන් (Homosexuals)

❗️ සංක්‍රාන්ති ලිංගිකයන් සමඟ ලිංගික ඇසුරු පවත්වන පුද්ගලයන් (Transgenders)

❗️ ගණිකාවන් ඇසුරු කරන පුද්ගලයන් (Commercial sex workers)

❗️ මොවුන් බොහෝ දෙනෙක් HIV රෝගය සඳහා වැඩි අවදානමක් සහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

❗️ මෙවැනි පුද්ගලයෙන් සමඟ අනාරක්ෂිත ලිංගික එක්වීමක් පවත්වන විට ඔහුගේ හෝ ඇයගේ ලිංගික අවයව වල පවතින ශ්‍රාවයන් අනෙකාගේ ලිංගික අවයව මත තැවරෙනවා.

❗️ එසේ තැවරෙන ශ්‍රාව වල අඩංගු HIV වෛරසය එම අවයව වල පවතින සියුම් සිදුරු හරහා ශරීරයට ඇතුල් වනවා.

❗️ මත්ද්‍රව්‍යය එන්නත් කර ගන්න පුද්ගලයන් ( IV drug users)

❗️ සිර කරුවන් (prisoners)  


(HIV/AIDS) බෝ නොවන ක්‍රම

⚛️ HIV රෝගියෙකු සමඟ එක නිවසේ ජීවත්වීම

⚛️ ආසාදිත රෝගියෙකු සිප ගැනීමෙන්

⚛️ ආසාදිත අයෙකුට අතට අත දීමෙන්

⚛️ රෝගියෙකු පාවිච්චි කරන වැසිකිලි පාවිච්චි කිරීමෙන්

⚛️ රෝගියෙකු භාවිත කරන පිගන් , කෝප්ප පාවිච්චි කිරීමෙන්

⚛️ ආසාදිත පුද්ගලයෙකුට දෂ්ඨ කල මදුරුවෙකු දෂ්ඨ කිරීම මගින් 


HIV ආසදිත රෝගියෙකු AIDS රෝගියෙකු බවට පත්වන්නේ කෙසේද?

🟢 HIV ශරීර ගත වූ සෑම කෙනෙක්ම ඒඩ්ස් (AIDS) තත්ත්වයට පත් වන්නේ නැහැ. ඔවුන් බොහෝදෙනෙක් නිසි ප්‍රතිකාර තුළින් ඉතා සාමන්‍යය ජීවිත ගත කරනවා. නමුත් එසේ ප්‍රතිකාර ලබා නොගන්නා පුද්ගලයන් ඒඩ්ස් රෝගී තත්ත්වයට පහසුවෙන් ගොදුරු වෙනවා.

🟢 සමහර විට HIV ශරීරගත වූ රෝගියෙකු එම රෝගී ලක්ෂණ නොමැතිව අවුරුදු 10ක් පමණ වුවත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය ප්‍රතිකර නොලැබුනොත් යම් අවස්ථාවක ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩු වන විට වෛරසය ක්‍රියාත්මක වෙලා රෝගී තත්ත්වය ඇති කරනවා. 


HIV / AIDS වලක්වාගන්නේ කොහොමද?

⚛️ ලිංගික කටයුතු එක් විශ්වාසවන්ත සහකරුවෙකුට පමණක් සීමා කිරීම

⚛️ අවධානම් ලිංගික සම්බන්ධතා මග හැරීම

⚛️ සහකරු හෝ සහකාරිය හැර වෙනත් අයෙකු සමග එක්වීමේදි අනිවාර්යෙන්ම කොන්ඩමයක් පැලදීම

⚛️ ඔබට HIV ආසාදිත වීමේ හැකියාවක් පවතීනම් එය පරික්ෂා කරවා ගැනීම

⚛️ අසාදිත පුද්ගලයින් නිසි ප්‍රතිකාර වලට යොමුවීම 


ශ්‍රි ලංකාව තුළ HIV Virus පරික්ෂාවක් කර ගන්නේ කොහොමද?

🟢 ඔබට එවැනි රෝගයක් සැක කරන්නේ නම් ඔබගේ වෛද්‍යයවරයා හමුවී ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්න .

🟢 ලංකාව පුරා පවතින ලිංගාශ්‍රිත සායන වලින් නොමිලේ HIV පරික්ෂාවක් කර ගන්න .


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW