ගෙඹි වලටම බැහැලා ගෙම්බන්ට ජාතිය ඇමතූ හිරුණිකා. (VIDEO)

Hirunika Premachandra Samagi Jana Balawegaya
By Wayomi Mar 02, 2023 10:44 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන රැස්වීමකදී ජනපති ඇතුළු හතර වටේටම දෙහි කැපුවේ මෙලෙසින්,

"අර අපෙන් පැනලා වතුර බකට් එක රනිල්ට අල්ලන්න කියපු ගෙම්බා ඉන්නෙ මෙහෙ නේද? ගෙම්බට හරි ලැජ්ජයිලු සජබෙ වේදිකාව දැක්කහම. ලැජ්ජයි නම් අපෙන් පිනට ගත්තු ඇමතිකම දීලා පලයන්.

සමහරක් වෙලාවට මිනිස්සුන්ට රාජයෝග එන්නෙ ඒරාෂ්ඨකත් එක්ක. හරියට රනිල්ට වගේ. ඒ ඒරාෂ්ඨකේ තමයි ඔය වටේ ඉදළ බුරන බල්ලො ටික. ඔය මිනිස්සුන්ගෙ නිරුවත රටේ ජනතාවට ඉක්මණින් තේරෙයි. එදා සජිත් ප්‍රේමදාස ඔය හරීන්ලා කියනවා වගේ අගමැතිකම ගත්තනම් මෙතන මේ ඉදගෙන ඉන්න අපේක්ෂක අපේක්ෂිකාවන්ට පාරේ බැහැලා යන්න පුළුවන්ද?

කොච්චර දුරකතන ඇමතුම් ආවද මේ අගමැතිකම ගන්න කියලා. එක වචනයයි කිව්වේ 'මම යන්නෙ ජනතාවගේ අභිමතය පරිදි'. ඒ ප්‍රතිපත්තිය නිසා තමයි අපිටත් අද එලියට ගුටි කන්නෙ නැතිව බහින්න පුළුවන් වෙලා තියෙන්නෙ.

ඔය අනුර කුමාර තරම්, ජීවීපී එක තරම් ඩීල් තියෙන පක්ෂයක් වෙන කොහෙවත්ම නැහැ. අනුර කුමාර සුනිල් හඳුන්නෙත්ති බත් එක බෙදාගන්නවා මලික් සමරවික්‍රම ඇවිල්ල ඉඳගන්නවා. ඒ ගොල්ලන්ගෙ මිත්‍රත්වය තියෙන්නෙ ඒ වගේ දුරකට. පක්ෂේ තුන් හතර දෙනාම එක එක කතා කියනවා ඒගොල්ලනගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන.

බොරු රැල්ලක ප්‍රතිඵලේ නිසා තමයි අදටත් මේ රට බංකොලොත් වෙන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. රටක් ගොඩනගන්න අවුරුදු 20ක් යනවා. රටක් නන්නත්තාර කරන්න ගියේ අවුරුදු 2යි.

අනුර කුමාර කියනවා බස් මෑන් කියලා. මොකද එයාලට හරී තරහක් එනවා සජිත් බස් බෙදද්දී. උන්ට බස් දැක්කාම මතක් වෙන්නෙ ගිනි පෙට්ටියයි භූමිතෙල් බෝතලෙයි. ඔයාට මම කියන්නම් කාබාසිනියා මෑන් කියලා. අනුර ඔයා කාබාසිනියා මෑන්. රනිල් රාජපක්ෂ තව ටික කාලයයි ජනාධිපති ධූරයෙ ඉන්නේ. ඔය ටික කාලේ අපි එයාට ආතල් එකක් ගන්න දෙමු කමක් නෑ. ඕවා මැන්ටල් කේස්. රනිල් දැන් ඔයා වයසයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW