අධික රස්නය පුද්ගලයන් සීයකට මරු කැඳවයි..!

By Sewvandhi Jun 30, 2023 08:06 AM GMT
Report

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් එහි පැවති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ බොහෝ මරණ උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය බලපා ඇති අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇති බවය.

කෙසේවෙතත් ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වෙයි.