යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යටවෙයි

Report

අධික සුළං සමඟ යතුරුපැදියක් මතට ගසක අත්තක් කඩා වැටී එකම පවුලේ හතරක් යට වී තිබේ .

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ දී අද (28) උදෑසන මෙම සිදුවීම සිදුව ඇත.

එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මතට මුරුංගා ගසක අත්තක් කඩා වැටී ඇති බව වා‍ර්තා වේ.

අනතුරට ලක්වූවන් කඩිනමින් බේරා ගෙන රෝහල් ගෙන ගොස් ඇති අතර පසුව පියා මියගොස් තිබේ.

මෙම සිදු වීමෙන් ලැබූ මව දියණිය සහ පුත්‍රයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුර ටත් වාර්තා වේ.