කැලණි නිම්නයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර තත්ත්වයක්
By Kanchana
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කැලණි ගංගා නිම්නයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
එය මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් තත්වයකි .
එම නිවේදනය අද (28) සවස 1ට නිකුත් කර ඇත.
ඒ වගේම ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
මේ වනවිට අධික වර්ෂාපතනයක් ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ තැන්වලට ලැබෙමින් පවතී.
දැනට පවතින තත්වයෙන් තම ජීවිත ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ජනතාව දැනුම් දෙයි.
ඒ වගේම එවැනි අවදානම් තත්වයක් ඇත්නම් ඉක්මණින් ආරක්ෂිත ස්ථානයන් කරා ගමන් කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.
එම නිවේදනය පහතින්
