මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු බේරා ගැනේ

Report

පො‍‍ළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන ඇත .

ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.

තවද මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්‍ථාන වෙත යොමු කර ඇති බව සදහන් වේ.