මගේ පෙම්වතා නම් කෝටිපතියෙක් නෙවෙයි, මොකද මම හෙව්වේ ආදරය විතරයි-හේෂානි ලියදිපිට (PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියලා කියන්නේ. ඉතින් ධරණි ටෙලි නාට්‍යය හරහා කාගේත් ආදරය දිනාගත්ත මේ සුරූපී රංගන ශිල්පිනිය ගැන දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඒ වගේම රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනා ගත්ත ඇය පහුගිය දවසක යුග දිවියට එලබුනා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක ඇය යූ ටියුබ් නාලිකාවක් විසින් කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් ඇයගේ විවාහ ගිවිස ගැනීම හොරෙන්ම වගේ කලාට විවාහ උත්සවය හැමෝටම කියලා ලොකුවටම සමරන්න හිතාගෙන ඉන්නවා කියලයි හේෂානි නම් කියන්නේ. ඒ වගේම දැන් කළා ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම වගේ කසාද බඳින්නේ සල්ලි තියන කෙනක් වුනත් ඇය කවදාවත් කෝටිපතියෙක්ද ලක්ෂපතියෙක් ද කියලා බලලා ඇයගේ පෙම්වතාව තෝරාගත්තේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඔහු හරිම සාමන්‍ය පවුලක කෙනෙක් කියලයි හේෂානි නම් කියන්නේ.
ඒ නිසාම ඇයට මෙච්චර කල් හිටියා වගේම ඇයගේ සාමන්‍ය විදිහටම ඉන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම ලංකාවේ මිනිස්සු ඕනෑම කෙනෙක් ලස්සනට ඇන්දත්, කොටට ඇන්දත්, දිගට ඇන්දත් ඒවා විවේචනය කරනවා වැඩියි කියලයි ඇය කියන්නේ. ඉතින් කසාද බඳින කෙනා ලස්සනද, කැතද, එය අඳින්නේ දිගටද, කොටටද, මෙයා කොච්චර මහතාද, කෙට්ටුද කියලා හැමදේම අඩුවක් නැතුව හොයන බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා කියලත් හේෂානි කියනවා. ඒ වගේම ඇය ආදරේ කරන කෙනාට සල්ලි තියෙන්න ඕන, සික්ස් පැක් තියෙන්න ඕන, උස වෙන්න ඕන, සුදු වෙන්න ඕන කියලා කවදාවත් ඇයගේ ඔලුවේ රූපයක් ඇඳිලා තිබුනේ නැහැලු.
මොකද ඇය හැමවෙලාවෙම හෙව්වේ ඇයට ගොඩක් ආදරෙන් ඉන්න කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් අපි තමන්ගේ කෙනාට ආස කරන්න හොඳ නැහැ ආදරය කරන්න ඕන කියලත් ඇය කියනවා. ඒ වගේම ලිවින්ටු ගෙදර සංකල්පය කියන්නෙත් බොහොම හොඳ දෙයක් කියලයි ඇය කියන්නේ.
ඉතින් දෙන්නෙකුගේ ආදරය, රුචි අරුචිකම් වගේම දෙන්න දෙන්නගේ නොදැකපු පැති හොඳින්ම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයිලු ලිවින්ටු ගෙදර් කියන සංකල්පය. ඉතින් දැන් ලංකාවෙත් ලිවින්ටු ගෙදර් සංකල්පයට ඉන්න කපල් ගොඩක් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.







