තව මාසයකින් ජනපති කරන්න යන විශේෂ දේ මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka
By Aruna Dec 06, 2023 05:27 PM GMT
Aruna

Aruna

Report

ලබන වසරේ ජනවාරි මස මැද වන විට පාර්ලිමේන්තුව කල්තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසු, සභාව ඉදිරියේ පවතින කටයුතු අවසන් වන අතර, ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ නව පාර්ලිමේන්තුව විසින් නැවත එම කටයුතු අලුතින් ආරම්භ කළ යුතුය වේ.

කෙසේවෙතත්, එවන් අවස්ථාවක කථානායකවරයා සහ මන්ත්‍රීවරුන් තවදුරටත් කටයුතු කරනු ලබයි.

ජනාධිපතිවරයාට උපරිම වශයෙන් මාස දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තුව කල්තැබීමට හැකියාව පවතී. කල්තැබීම ප්‍රකාශ කිරීමේ ප්‍රකාශයේ දී සභාව නැවත කැඳවන නව දිනය ද ප්‍රකාශයට පත්කළ යුතුවේ.

කල්තැබීමක් අවසානයේ නව සැසිවාරයක් ආරම්භ වන අතර එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීම පාර්ලිමේන්තුවේ සිරිතයි.

එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ (2) ඡේදයේ දක්වා ඇති විධිවිධාන අනුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට බලය පැවරී ඇත.

කල් දැමීමෙන් පසුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ඇතුළු කාරක සභා ක්‍රියාත්මක වීම නතර වේ.

චෝදනාවලට ලක්ව සිටින වත්මන් කෝප් කමිටු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර වෙනුවට නව කෝප් කමිටු සභාපතිවරයකු පත්කිරීම පාර්ලිමේන්තුව කල්දැමීමේ එක් අරමුණක් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රංජිත් බණ්ඩාරට චෝදනා එල්ල වී ඇත්තේ, කෝප් කමිටු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ළබැඳියාවක් සහිතව කටයුතු කළ බවටයි.

එසේම, කල්දැමීමෙන් පසු නව සැසිවාරය ආරම්භ වූ පසු වත්මන් ආංශික අධීක්ෂණ කමිටු අලුත් කරනු ලබයි.

2020 දී පිහිටුවන ලද වත්මන් පාර්ලිමේන්තුවේ මේ වන විට සැසිවාර තුනක් පවත්වා තිබේ.

ජනවාරි 01 වනදා සිට ජනපතිගෙන් අලුත් රටක්..කරන්න යන විශේෂ දේ මෙන්න..

ජනවාරි 01 වනදා සිට ජනපතිගෙන් අලුත් රටක්..කරන්න යන විශේෂ දේ මෙන්න..


ReeCha