දරුණු හෙලිකොප්ටර් අනතුරෙන් මාණ්ඩලික ප්‍රධානී මියයයි (VIDEO)

sri lanka Helycopter accsident
By Sithumi Dec 08, 2021 01:04 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ඉන්දියාවේ සිදු වූ  දරුණු හෙලිකොප්ටර් අනතුරෙන්  මාණ්ඩලික ප්‍රධානි  බිපින් රාවට් මිය ගොස් තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 9 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත්ය.

නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.