තත්ත්වය දරුණු වෙයි - අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයින් ඉවතට
බලංගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ නායයාමේ අවදානම් තත්ත්වයක් නිසා පුද්ගලයින් 30 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දින කිහිපයක සිට ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ පෙටිටිගල ප්‍රදේශයේ නායයාමේ ලක්ෂණ මතු විම හේතුවෙන් ඔවුන් ඉවත් කළ බවයි.
එසේම බණ්ඩාරවෙල, කුඹල්වෙල සිදුවූ නායයාමකින් නිවසකට හානි සිදුව ඇත. මේ අතර උඩුගම, පන්විලහේන ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් ද නිවාස 4 කට හානි සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 11කට නිකුත් කර තිබූ නායයෑමේ අවදානම් තවදුරටත් ක්‍රියාත්මක වන බව සඳහන්.
එබැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියා සිටියේ කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙය බලපැවැත්වෙන බවයි.
ඊට අමතරව වර්ෂාවත් සමඟ කඹුරුපිටිය, මුලටියන මාර්ගය මාකඳුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති බව පවසයි. මේ හේතුවෙන් බර වාහන පමණක් අදාළ මාර්ගයේ ගමන් කරන බව සඳහන්.