අද සවස ලොකු වැස්සක් - ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර තත්ත්වයන්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දිනය සඳහා නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, පස්වරු 1.00 පමණ වන විට දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ සම්භාවිතාවක් පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.