නුවරඑළියට තද වැසි - ගමනා ගමනයටත් බාධා
By Mithu
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, නුවරඑළිය කදපොළ ප්‍රදේශයේ පහත්බිම් රැසක් (26) පස්වරුවේ ජලයෙන් යට වී ඇත.
ඒ අනුව, නුවරඑළිය–උඩප්පුසල්ලාව ප්‍රධාන මාර්ගයේ කදපොළ කොට්ලොජ් හංදිය නව මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතු බාධිත වී ඇති අතර, එම ප්‍රදේශයේ පහත්බිම්වල එළවලු වගාවටද දැඩි බලපෑමක් සිදු වී තිබේ.
ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන තදබදය දැඩි ලෙස පවති.