කෙල්ලෝ වශී කෙරූ ජීවන් දොස්තර බිරිඳ සමඟ ලංකාවට [PHOTOS]
හිටපු අමාත්‍යවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා ඔහුගේ අලුතින් විවාහ වූ බිරිඳ සමඟ අද (26) උදෑසන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔවුන් දෙදෙනා ඉකුත් 23 වැනිදා ඉන්දියාවේ තිරුප්පූර්හිදී ආඩම්බරමය විවාහ උත්සවයකින් යුග දිවියට එළඹ සිටියහ. මන්ත්‍රීවරයාගේ බිරිඳ වන සීතෙයි ශ්‍රී නාච්චියාර් මහත්මිය වෛද්‍යවරියකි.
අලුත විවාහ වූ යුවළ අද උදෑසන 11.05ට ඉන්දියාවේ ත්‍රිචි නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL-132 ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ ප්‍රවේශ මැදිරියට ළඟා වූහ.
ඔවුන් දෙදෙනාට ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගැනීම් ලැබුණු බව වාර්තා වේ.


