ඉදිරි පැය 48 ඇතුළත ලොකු අවදානමක් - විමසිල්ලෙන් ඉන්න

Report

මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ දින (25) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය නිසා මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මූතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, නමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙසේ ගංවතුර අවදානම මතුව ඇත.

අවදානම් තත්ත්වයක් කතරගම බැතිමතුන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

අවදානම් තත්ත්වයක් කතරගම බැතිමතුන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

එමෙන්ම මඩකලපුව පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාගර්යද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව ද ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසයි.

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්