15 හැවිරිදි දැරිය අපයෝජනය කළ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කෙරේ

abuse suspend galkissa heart doctor welisara hosptal
By Sewvandhi Jul 07, 2021 10:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව සිදු කෙරෙන විනය පරීක්ෂණ කටයුතුවල මූලික පියවරක් ලෙසටයි අදාළ වැඩ තහනම සිදුකර ඇත්තේ. වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන මෙම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව දැනට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ළමයින් සහ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන තවත් වෙබ් අඩවි 4ක් හඳුනාගෙන තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමඟයි මෙවැනි වෙබ් අඩවි පිළිබඳව සමාජයේ කථාබහක් ඇතිවුණේ.

ඉන් එක් වෙබ් අඩවියක නිර්මාණකරු සහ සහයක අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්. කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි ආකාරයේ වෙබ් අඩවි හදුනාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha