බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක් [VIDEO]

Report

 අද උදෑසන 5.30 ට පමණ අම්පාර ඩිපෝව අයත් ලං.ග.ම බස් රථයක් වැල්ලම් පිටියේදී අනතු‍රට ලක්ව තිබේ.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ රියදුරට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනයෙන් ගිලිහී යෑම වේ කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනයේ යෙදුණු බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදීය.

බස් රථයට විශාල හානි සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු කඩිනමින් රෝහල්ගත කර තිබේ.

එහෙත් ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කර ඇත මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වීඩියෝ දර්ශන උපුටා ගන්නා ලදි

රියදුරු පාසල්වලට පොලිසියෙන් දැඩි නියෝගයක්- උපදේශකයින්ට බලපත්‍ර නැත්නම් වැඩ වරදියි

රියදුරු පාසල්වලට පොලිසියෙන් දැඩි නියෝගයක්- උපදේශකයින්ට බලපත්‍ර නැත්නම් වැඩ වරදියි