හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රක්ෂිත බන්ධනාගාරයට

Report

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු එළඹෙන මස 03 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (24) දින නියෝග කර ඇත.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන ක්‍රිෂාන්ත ප්‍රදීප් සිල්වා නම් අයෙක්.

එසේම මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් වන නියෝගය සලකා බැලීම එදිනට (03) සිදු කරන බවයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරු තමන් දැරූ තනතුරට අඳාළව ඉන්ධන සහ ප්‍රවාහන දීමනා ලබාගන්නා අතරතුර, ඊට පරිබාහිරව කුලී පදනම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු වාහන හතරක් අවභාවිත කර තිබෙන බවයි.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ඒ ඔස්සේ ඔහු රුපියල් දොළොස් ලක්ෂ හැට පන්දහසකට අධික රාජ්‍ය මුදලක් අවභාවිත කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයෙන් ඉල්ලා සිටියේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත ප්‍රකාරව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එසේම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු රෝගයකින් පෙළෙන බවයි.

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

තවද මෙම සිද්ධියට අඳාළව විමර්ශන වසර දහයකට අධික කාලයක සිට පවතින බැවින් සැකකරු ඇප මත මුදාහරින මෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

මේ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ලබාදීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 03 වැනි දින ප්‍රකාශයට පත් කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

මං නොමැරුනොත් එන්නම් යාලුවනේ.. කියා ගිය ඇය යළි කිසිදින නොඑන්නම ගිහින් - රුහුණ සරසවියම කම්පා කළ මරණය

මං නොමැරුනොත් එන්නම් යාලුවනේ.. කියා ගිය ඇය යළි කිසිදින නොඑන්නම ගිහින් - රුහුණ සරසවියම කම්පා කළ මරණය