සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනයෙන් 23%ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි.
නාගරික ජනගහනයෙන් 30%කට පූර්ව දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ සමස්ත ප්‍රතිශතය 14% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කරන ලදී.
වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ දියවැඩියා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට පැයකට වරක් පාදයක් අහිමි වන බවටයි.