අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයේ යෙදෙන සෞක්‍ය වෘත්තීයවේදීන්..අද වර්ජනය කරන පළාත..?
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව අද (08) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.
පළාත් සභා රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇති බවත් එහි පළමු පියවර ලෙස අද දිනයේදී වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල පැය 24 ක වැඩ වර්ජනයක නිරත වන බවද පැවසේ.
මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ හෙට දිනයේදී (09) මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල්වල පැය 24 ක වැඩ වර්ජනයක නිරත වීමට ඔවුන් සැළසුම් කර ඇත.
මෙතෙක් රජයෙන් විසඳුම් නොදුන් ගැටලු 7ක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව හෙතෙම වැඩි දුරටත් කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |