සෞඛ්‍ය වර්ජනය ගැන අලුත් තීරණයක්...

Report

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා කර තිබෙනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර අද (19) අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව පැවසූ බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම්වලට අදාළව යෝජනාවලියක් සකස් කර අමාත්‍යාංශයට ලබාදෙන ලෙසයි.

එය අධ්‍යයනය කර සාධාරණත්වයක් ඉටු කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.