රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

Report

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ මහතා ප්‍රමුඛ දූත පිරිසක් මැයි 3 වන දින තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, රුසියානු නියෝජිත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ හමුවී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

හෙට දිනයේ දැඩි උණුසුම් තත්ත්වයක් – ජනතාවට උපදෙස්

හෙට දිනයේ දැඩි උණුසුම් තත්ත්වයක් – ජනතාවට උපදෙස්

මැයි 4 වන දින, මුරෂ්කෝ මහතා සහ ඔහුගේ දූත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නැරඹීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංචාරය තුළ, දෙරට අතර සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමේ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටද අවධානය යොමු කර ඇති අතර, ඖෂධ හා වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍ය පුහුණුව, අධ්‍යාපන හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා, ආයුර්වේද සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

තවද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජිතයන් සමඟ ද අදහස් හුවමාරු කර ගැනීමට නියමිත මෙම දූත පිරිස මැයි 5 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

කිසිදු පොහොර හිඟයක් නෑ - යල කන්නය ගැන බය වුණ ගොවීන්ට සුබ ආරංචියක්

කිසිදු පොහොර හිඟයක් නෑ - යල කන්නය ගැන බය වුණ ගොවීන්ට සුබ ආරංචියක්