රසිකයන්ගේ කුතුහලය අවසන් කරමින් සුපිරි නළු අමීර් ඛාන්ගෙන් සුබ ආරංචියක් - නිල වශයෙන් තහවුරු කරයි
ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය වූ '3 Idiots' චිත්‍රපටයේ දෙවන කොටස නිර්මාණය වන බව සුපිරි නළු අමීර් ඛාන් නිල වශයෙන් තහවුරු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු සම්මුඛ සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර ඇත්තේ, ප්‍රකට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානි සහ තිරකතා රචක අභිජාත් ජෝෂි මේ වන විට එහි පිටපත සකස් කරමින් සිටින බවටයි.
එමෙන්ම එහි මූලික කතාව දැනටමත් හැඩ ගස්වා ඇති අතර, එය පැරණි චිත්‍රපටයේ හාස්‍යය රැකගනිමින් ඉදිරිපත් කරන නැවුම් අත්දැකීමක් වනු ඇති බව ඔහු පවසා ඇත.
එමෙන්ම මෙම නව චිත්‍රපටයේ ඇති විශේෂත්වය නම් එය පළමු චිත්‍රපටය අවසන් වී වසර 10කට පසුව නිර්මාණය වීමයි.
මේ අතර මෙහිදී තමන් නැවතත් 'ෆුන්සුක් වන්ග්ඩු' (රැන්චෝ) ලෙස රංගනයෙන් දායක වන බව අමීර් ඛාන් තහවුරු කර ඇත.
ඒ අනුව 'රැන්චෝ', 'ෆර්හාන්' සහ 'රාජු' යන ආදරණීය චරිත ඔවුන්ගේ ජීවිතයේ මීළඟ අදියරේදී මුහුණ දෙන සිදුවීම් මෙහිදී දැකගත හැකි බව සඳහන්. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, "මෙය ඔබ '3 Idiots' හි දුටු චරිතවලම වසර 10කට පසු කතාවක් බවයි.
"මෙහි සංකල්පය අසාමාන්‍යයි, නමුත් එහි මුල් චිත්‍රපටයේ තිබූ හාස්‍යය එලෙසම තිබෙනවා,"
කෙසේ වෙතත් ඉකුත් 2009 වසරේදී තිරගත වූ '3 Idiots' චිත්‍රපටය ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කළ සමාජ විවේචනය සහ එහි අන්තර්ගත වූ මිත්‍රත්වය හේතුවෙන් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් විය.
එනිසා'3 Idiots 2' හරහා නැවතත් සිනමාලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් සමීප වනු ඇති බවට ක්ෂේත්‍රයේ විචාරකයන් අනාවැකි පළ කරන බව ද වාර්තා වේ.