මෝටර් රථ ප්‍රවාහන සේවාවන් රැසක් පුළුල් වෙයි - මේ දේවල් කර ගන්න වේලාවක් වෙන්කරගන්නා ක්‍රමය මෙන්න

Report

මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.

ඒ අනුව, දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් පූර්වයෙන් වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සේවාවන් එමගින් ලබාගත හැකිය.

එක්දින සේවාවන් සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමට අදාළ කාර්යාලවල දුරකථන අංක පහත පරිදි වේ.

කොළඹ ජල ගැලීම්වලට තිත තබන්න රැඩිකල් තීරණයක් - අනවසර ඉදිකිරීම්වලට නීතිමය පියවර ගන්නට සැරසෙයි

කොළඹ ජල ගැලීම්වලට තිත තබන්න රැඩිකල් තීරණයක් - අනවසර ඉදිකිරීම්වලට නීතිමය පියවර ගන්නට සැරසෙයි

කොළඹ - 011 2 117 116

ගම්පහ - 033 2 117 116

කුරුණෑගල - 037 2 117 116

හම්බන්තොට - 047 2 117 116

අනුරාධපුරය - 025 2 117 116

යාපනය - 021 2 117 116

දහස් සංඛ්‍යාත පිරිසක් හෙට කොළඹ වටලන්න සූදානමක් - එළැඹෙන පැය 48 තීරණාත්මකයි

දහස් සංඛ්‍යාත පිරිසක් හෙට කොළඹ වටලන්න සූදානමක් - එළැඹෙන පැය 48 තීරණාත්මකයි

කෙසේ වෙතත්, මෙම කාර්යාලවලින් අලුතින් ලියාපදිංචි කරනු ලබන්නේ යතුරුපැදි පමණක් බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එමෙන්ම, එක්දින සේවාවන් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීම dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද සිදුකරගත හැකිය.

මේ අතර, දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පූර්වයෙන් වේලාවක් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බව ද දැනුම් දී තිබේ.

සාමාන්‍ය වාහන අයිතිය පැවරීමට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ද යොමු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්