අත්‍යවශ්‍ය දෙයක මිල හදිසියේ වෙනස් වෙයිද..? හෙට සිදුවන දේ..

By Sithumi Apr 27, 2022 03:41 PM GMT
Sithumi

Sithumi

Report

..

දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයට එරෙහිව මේ මස (28) දින රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බවයි.

එලවළු ගොවියා රැක ගැනිමේ අධිඨනනි මෙම තිරණය ගත් බවත්,එදිනට එලවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගත් බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මිට වසර 1 ½ ප්‍රථම මේ රටේ සමස්ත ගොවියා දැඩි පිඩාවට පත් කිරිමට වත්මන් රජය පියවර ගත් බවත්, මේ වන විට රසායනික පොහොර මිල ඉහල යාම, එලවළු බිජ ඇට වර්ග මිල ඉහල යාම ,කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහල යාම ,ඉන්ධන මිල ඉහල යාම සහ එලවළු මිල මේ වන විට සිඝ්‍ර ලෙස පහල වැටිම හේතුවෙන් ගොවින් මේ වන විට කබලෙන් ලිපට වැඩි ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now