අපි යාළුවෙලා අවුරුද්දෙන් විවාහ වුණා, ඔහුගේ පෞර්ෂයට තමයි මම කැමති, තව මාස 3කින් මම ලංකාවෙන් යනවා-හර්ෂි රසාංගා (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Mar 25, 2023 05:16 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනිය, නර්ථන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ.

ඒ වගේම පහුගිය දවසක නැගී එන නිළිය සම්මානය දිනා ගැනීමටත් ඇය වාසනාවන්ත වුණා. ඉතින් තවම වයසින් අඩු වුනත් මේ වෙද්දී විවාහ වෙලා අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වෙන්න ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ගායන හැකියාව පැත්තෙන් දෙයක් කරන්න ඕන කියලා ඇයට හිතුන නිසා ‘ආදරය සොඳුරු’ කියලා ගීතයක් කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එම ගීතය මේ වෙද්දී රිලීස් කරලා තියෙනවා. ඉතින් ඇය පුංචි කාලේ ඉඳන්ම ගායනයට කැමැත්තෙන් හිටියා කියලත් ඇය කියනවා. ඒ වගේම රංගනය කියන්නේ ඇයට දෙයියෝ දුන්න තෑග්ගක් වගේ කියලයි හර්ෂි නම් කියන්නේ.

කොහොම නමුත් ලංකාවෙන් යන්න ඉන්න නිසා ඇයට ඉදිරියේදී රංගනයට වෙන් කරන්න කාලය නැති වුනත් ගායන කටයුතු ඇයට කොහේ හිටියත් කරගෙන යන්න පුළුවන් නිසා ඇය චූටි කාලේ ඉඳන් කැමැත්තෙන් හිටිය දේ කරන්න කාලය හරි කියලා හිතුණා කියලත් හර්ෂි කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery