වාහන මැකෑනික් කොල්ලා වැඩිහිටි නිල් චිත්‍රපට නළුවෙක් වුන හැටි (VIDEO)
ජේසන් කොඩි (Jason Cody) මේ නමට පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ ලැබුණේ ප්‍රමුඛ තැනක්. ඒ නිල් චිත්‍රපටයක ශ්‍රී ලාංකික තරුණයකුගේ නම සටහන් වීම පිළිබඳ වූ කතාබහ නිසා.
ජේසන් කොඩි (Jason Cody) ලෙස හඳුන්වනු ලබන මේ තරුණයා ශ්‍රී ලංකාව තුළ “ජේ කොඩි” කියලත් ප්‍රසිද්ධයි.
බොහෝ දෙනකු අනුමාන කරන්නේ මෙය ඔහුගේ ශ්‍රී ලාංකික නාමයෙන් බිඳී ආ අන්වර්ථ නාමයක් කියලා.
මේ වෙනකොට අවුරුදු 30 ක් වෙන ඔහු නිල් චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක අවස්ථාවක් ලෙස පටිගත කිරීමකදී තමන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරනවා.
මේ සංවාදයේ දී ජේසන් පිළිබඳ ගොඩක් තොරතුරු හෙළිදරව් කරන අතර එහින් උපුටාගත හැකි කොටස් කිහිපයක් අපි ඔබ වෙත උපුටා දක්වනවා.
වීඩියෝ පටිගත කරන්නා සහ ජේ කොඩි සිදුවෙන මේ සංවාදයෙදී ඔහු සමඟ වීඩියෝවට දායක වන නිළියත් පසෙකින් සිටිනු දකින්න පුලුවන්….
පටිගත කරන්නා : ජේසන්, ඔයා කොහෙන්ද?
ජේසන් කොඩි : මම ඉපදුණේ ශ්‍රී ලංකාවේ.
පටිගත කරන්නා : ශ්‍රී ලංකාව නේද? මට ඒක හරියටම කියන්න අමාරුයි.
ජේසන් කොඩි : “ශ්‍රී ලංකා” කියලා කියන එක තමා හරි විදිහ.
පටිගත කරන්නා : හරි, දැන් මට හොඳට තේරෙනවා. මම එහෙන් ආපු කෙනෙක්ට කවදාවත් කැමරාව අල්ලාගෙන නැහැ.
ජේසන් කොඩි : මමත් මේ කර්මාන්තයේ වෙනත් ශ්‍රී ලාංකිකයෙක් දැකලා නෑ.
පටිගත කරන්නා : ඔයා මේ කර්මාන්තයට ඇවිත් කොපමණ කාලයක්ද?
ජේසන් : වසරකට ආසන්න කාලයක්.
තමා කෙමෙන් කෙමෙන් ප්‍රසිද්ධියට පත්වෙමින් සිටින බව මෙහිදී ජේසන් කොඩි හෙළිදරව් කරනවා. ලංකාවෙන් ඔහුට ප්‍රතිචාර ලැබෙනවද කියන කාරණාවත් මෙතැනදී පටිගත කරන පුද්ගලයා විසින් ඔහුගෙන් විමසනවා.
ලංකාවේ අයට මේක අලුත් අත්දැකීමත් බවත් ප්‍රතිචාර ලැබෙන බවත් ජේසන් එහිදී සඳහන් කරනවා.
ඒ වගේම ලංකාව ඉන්දියාව වගේ රටවලින් තමයි තමන්ට ප්‍රතිචාර ලැබෙන්නේ කියන කාරණාවත් කියන්න ඔහු අමතක කළේ නැහැ.
පටිගත කරන්නා : ඔයා ශ්‍රී ලංකාවට ආයෙත් ගියොත්, ඔවුන් ඔයාට උත්සවයක් පවත්වන්න වුණත් පුළුවන් නේද?
ජේසන් කොඩි : මට බොහෝ දෙනාගේ අවධානය ලැබෙයි. සමහර විට මට ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ලංකාවේ සංස්කෘතියත් එක්ක තමන්ට නීතිමය වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා ජේසන් මෙහිදී සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියපු විදිහට ලංකාවේ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා.
පටිගත කරන්නා : ඔයා කැනඩාවට යද්දි වයස කීයද?
ජේසන් කොඩි : මට වයස 14 යි.
පටිගත කරන්නා : ඒ ගමනේ සංස්කෘතික පරිවර්තනයක් වුණාද?
ජේසන් කොඩි : ඔව්, මට ප්‍රංශ සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණා. විවිධ සංස්කෘතික අභියෝග තිබුණා.
පටිගත කරන්නා : ඔයාගේ ශ්‍රී ලංකාවේ ජීවිතය කොහොමද?
ජේසන් කොඩි : ඒක විනෝදජනකයි. අපි ඒ කාලේ එළිමහනේ ක්‍රීඩා කළා. ඒ දවස්වල අන්තර්ජාලය තිබුණේ නෑ. ගොඩක් වෙලාවට යාළුවෝ එක්ක ක්‍රීඩා කළා.
මෙහිදී තමයි ඔහු ශ්‍රී ලාංකිකයෙක් බව පළමු වරට අනාවරණය වුණේ.
මේ වීඩියෝව පසු අවස්ථාවකදී මේ නිල් චිත්‍රපට තරුව විසින් සිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ඔහු පිළිබඳව අවධානය යොමු කළා.
ඒ නිසා තමයි මේ තරුණයාගේ කතාව මේ තරම් ජනප්‍රිය එකක් බවට පත්වුණේ.
පටිගත කරන්නා : ඔයාට මේ කර්මාන්තය ඇතුළට එන්න හිතුණේ කොහොමද?
ජේසන් කොඩි : ඒක සම්පූර්ණයෙන්ම සැලසුම් කරපු එකක් නෙවෙයි. මම මොන්ට්‍රියෝල්වල ඉන්නකොට OnlyFans සඳහා වීඩියෝ එකක් නිර්මාණය කළා. ඒක බලද්දී මම ඒ වැඩේට ගොඩක් කැමති වුණා. ඒ නිසා මම ඒ වැඩේ දිගටම කරගෙන යන්න තීරණය කළා.
පටිගත කරන්නා : මුලදී ඒක කළේ විනෝදය වෙනුවෙන්ද?
ජේසන් කොඩි : ඔව්, මුලදී ඒක කළේ විනෝදයට විතරයි. නමුත් වීඩියෝ එක බලද්දී මට තවත් ඒ වගේ එකක් කරලා බලන්න හිතුණා.
පටිගත කරන්නා : දැන් ඔයාට අලංකාර කාන්තාවන් සමඟ වැඩ කරන්න ලැබෙනවා නේද?
ජේසන් කොඩි : ඔව්.
පටිගත කරන්නා : ඔයාගේ අරමුණ සහ ඔයා කැමති දේ කුමක්ද?
ජේසන් කොඩි : අනිවාර්‌යෙන්ම මේ කර්මාන්තයේ ඇතුළේ ඉදිරියට යන්න. මේ කර්මාන්තය වසර කිහිපයක් ඇතුළත වෙනස් වෙලා. මට ඕනෑ මෙහි තියෙන අවස්ථා බලන්න. මාව අගය කරන අයව සතුටු කරන්න.
පටිගත කරන්නා : වැඩිහිටි වීඩියෝ නිෂ්පාදනය කිරීම තමා ඔයාගේ අරමුණ?
ජේසන් කොඩි : ඔව්.
පටිගත කරන්නා : මේ කර්මාන්තයට එන්න පෙර ඔයා මොනවද කළේ?
ජේසන් කොඩි : මම ‘මෙකැනික්’ කෙනෙක්. කර්මාන්තයට පිවිසීමට පෙර තමන් ටෙස්ලා වාහන සඳහා මෝටර් රථ කාර්මිකයකු ලෙස කටයුතු කළ බව මෙහිදී ජේසන් කොඩි පවසනවා.
