හැරී බෲක් තීරණාත්මක තීන්දුවක් ගනී

Cricket England Harry Brook Sinhala news
By Shehan Apr 11, 2025 04:42 AM GMT
Shehan

Shehan

Report

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා වන හැරී බෲක්, ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගවලින් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.

පසුගියදා එංගලන්ත තේරීම් කමිටුව විසින් නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර්ගේ ස්ථානයට හැරී බෲක්ව පත්කරනු ලැබීය.

මෙම පත්වීමෙන් දින කිහිපයකට පසු ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීම සුවිශේෂී තත්ත්වයකි.

2025 වාරය සඳහා පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී හැරී බෲක් ඉන්දීය රුපියල් කෝටි 6.25කට දිල්ලි කැපිටල්ස් විසින් මිලදී ගන්නා ලදී.

වැලිකඩ චින්තක පොලිස් කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටලා... බෙල්ලටම හිර වෙයි

වැලිකඩ චින්තක පොලිස් කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටලා... බෙල්ලටම හිර වෙයි

නමුත්, එම වෙන්දේසියෙන් පසු පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් එංගලන්තය ඉවත් වීමත් සමඟ, ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළේය. ඒ සඳහා හේතුව ලෙස ඔහු සඳහන් කළේ, එංගලන්ත ක්‍රිකට් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මෙම තීරණය ගත් බවයි.

කෙසේ වුවත්, මෙම තීරණයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය (BCCI) විසින් හැරී බෲක්ට 2027 වසර දක්වා IPL තරගවලට තහනමක් පනවනු ලැබ ඇත.

අද ගම්බිම් බලායන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

අද ගම්බිම් බලායන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

ReeCha