සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගුවන් තොටේ රඳවා ගැනේ..හේතුව අත් ඔරලෝසුව..?

CRICKET HARDIK PANDYA INDAN WATCH MUMBAI AIRPORT
By Sewvandhi Nov 16, 2021 10:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා විසින් රැගෙන ආ මිල අධික අත් ඔරලෝසු දෙකක් මුම්බායි ගුවන් තොටුපලේ රඳවාගෙන ඇති බවට වාර්තා පලවුනා. කෙසේ වෙතත් හර්දික් පාන්ඩ්‍යා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමා කර නැවත ඉන්දියාව වෙත පැමිණීමේ දී මුම්බායි ගුවන් තොටුපලේ රේගු නිලධාරීන් විසින් ඔහු රැගෙන ආ බඩු භාණ්ඩ වල මිල තක්සේරු කර තිබෙනවා.

ඒ අදාළ රේගු බදු අය කර ගැනීම සඳහායි. මෙහිදී ඔහු විසින් ඩුබායිහිදී මිලදී ගත් මිල අධික අත් ඔරලෝසු දෙකක් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවූ බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබුණේ. එම වාර්තාවට අනුව හර්දික් පාන්ඩ්‍යා රැගෙන ආ අත්ඔරලෝසු දෙකේ වටිනාකම රුපියල් කෝටි 5 කට අධික බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙහිදී මුම්බායි ගුවන් තොටුපලේ රේගු නිලධාරීන් විසින් ඉල්ලා සිටි නියමිත මිලදී ගැනීමේ රිසිට් පත් ඉදිරිපත් කිරීමට හර්දික් පාන්ඩ්‍යා අසමත් වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. මේ හේතුවෙන් ඔහුගේ අත් ඔරලෝසු දෙක ගුවන්තොටුපල රේගු භාරයට ගත් බවත් එම වාර්ථාවේ සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්යෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන හර්දික් කියා සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බවයි. තමන් නැවත ඉන්දියාවට පැමිණිීමේ දී ඔහු ඩුබායි රාජ්‍යයේ දී මිළල දී ගත් සියලු මිල අධික බඩු භාණ්ඩ ස්වෙච්ඡාවෙන් රේගු අංශ වෙත ප්‍රකාශ කර ඒවාට අදාළ බදු මුදල් ගණනය කරන ලෙසත් එම බඩු භාණ්ඩ මිලදී ගත් සියලු රිසිට් පත් රේගු නිලධාරීන්ට ලබා දුන් බවත් ඔහු කියා සිටිනවා.

එමෙන්ම ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තාවේ දැක්වෙන පරිදි තමන් රැගෙන ආ අත් ඔරලෝසු දෙකේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි පහක් නොවන බවත් එය ඉන්දීය රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමක් ඇති අත් ඔරලෝසු දෙකක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නීතිගරුක ඉන්දීය පුරවැසියකු වන තමන් කිසිවිටකත් නීතිය අභිබවා නොයන බවත් සෑම විටම ඉන්දීය නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියමිත බදු මුදල් ගෙවා තමන් රැගෙන ආ සියලු බඩු භාණ්ඩ නිදහස් කරගත් බවයි ඔහු පවසන්නේ.

එසේ නොමැතිව පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන පරිදි තමන් ඩුබායි රාජයේ සිට රැගෙන ආ කිසිදු භාණ්ඩයක් ගුවන්තොටුපළ රේගුව විසින් රඳවා නොගත් බවත් ඔහු සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW