අවුරුදු 6ක දියණියට අතවර සිදු කල 59 හැවිරිදි පාපතරයා

Sri Lanka Crime
By Sithumi Jul 01, 2022 02:57 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේ අවුරුදු 06 ක් වයසැති දැරියක් අපයෝජන කලැයි වයෝවෘද්ද පුද්ගලයෙකු සැකපිට ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය පවසයි. 

 අදාල දැරියගේ මව නිවසින් බැරව ගිය අවස්ථාවක අසල්වැසියෙකු වූ අදාල වයෝවෘද්ද පුද්ගලයා නිවසට පැමිණ සිය දියණිය අපයෝජනයට ලක්කොට ඇතැයි දැරියගේ මව විසින් ඉලවාලෙයි පොලීසියට පැමිණිළි කොට ඇත.

අනතුරුව අසල්වැසි 59 හැවිරිදි වයෝවෘද්ද පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරික්ෂණයක් වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now