හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොට්ටු ප්‍රබලයින් 07ක් රනිල්ට එකතු වෙයි..එම හත්දෙනා මෙන්න.

Hambantota Namal Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Aruna Aug 29, 2024 07:17 AM GMT
Aruna

Aruna

Report

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟතාවය පලකර තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම එකඟතාවයට පත්ව තිබේ.

පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එකතු වෙයි..

පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එකතු වෙයි..


ඒ අනුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේ දි කියා සිටියේ, හම්බන්තොට මහනගර සභාව, හිටපු නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද, තිස්සමහාරාමය ප්‍රා දේශිය සභාව, හිටපු සභාපති උපුල් විතාරණ ගමගේ,හම්බන්තොට ප්‍රා දේශිය සභාව,හිටපු සභාපති අනුර සමරතුංග, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව හිටපු සභාපති දර්ශන සංජිව,, කටුවන හිටපු සභාපති මහින්ද ගමාච්චි, බෙලිඅත්ත හිටුප සභාපති සිරිල් මුණසිංහ,, අඟුණකොලපැලැස්ස සභාපති ගාමිණී වීරබද්ධන, සූරියවැව හිටුප සභාපති ජනක එරන්ද,, ලුණුගම්වෙහෙර හිටුපු සභාපති රසික දිනේෂ් යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීමට එකඟ වූ බවයි.

තරුණියන් 286ක් සමග කැමරාව ඉස්සරහ නරකම ලිංගික ක්‍රියාකාරකම් කළ ජනප්‍රිය පුද්ගයෙක්ට සිදු වූ දේ.(PHOTOS)

තරුණියන් 286ක් සමග කැමරාව ඉස්සරහ නරකම ලිංගික ක්‍රියාකාරකම් කළ ජනප්‍රිය පුද්ගයෙක්ට සිදු වූ දේ.(PHOTOS)


හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් පවතින අතර එක් පළාත් පාලන ආයතනයක් පමණක් සමගි ජනබලවේගය පාලනය යටතේ පැවැති බවත් ඉතිරි පළාත් පාලන 11 අතරින් නමයක්ම සභාපති වරු එකඟ තාවය පලකර ඇති අතර, සභා දෙකක් පමණක් වීරකැටිය හා තංගල්ල ස්වාධිනව සිටින බවද අජිත් රාජපක්ෂ මහතා කියා සිටී.

ReeCha