යුක්‍රේන ජනපතිගෙන් චීනයට චෝදනා
By Hashini
යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි රැසියාවට අවි සහ වෙඩි බෙහෙත් සපයන බව පවසමින් චීනයට චෝදනා කරනවා.
ඔහු ප්‍රකාශ කළේ යුද්ධයට සහය වීම සඳහා චීනය විසින් රුසියාවට අවි සපයන බවත් , යුද්ධයට අවශ්‍ය අවි රුසියාව තුළ නිෂ්පාදනය කරන බවටත් තමාට බුද්ධි තොරතුරු ඇති බවයි.
යුක්‍රේන ජනාධිපතිවරයා එල්ල කරන මෙම චෝදනාවට රුසියාව හෝ චීනය මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චීනය මීට පෙරදී රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.