ඇමති බංගලා සම්බන්දව ගත් විශේෂ තීරණය...
Sri Lanka Tourism
Sri Lanka
By Piyumika
ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
ඇමතිවරුන් වෙනුවෙන් කොළඹ වෙන්කර තිබූ බංගලා සංඛ්‍යාව තිස්පහකි.
මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය.
රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබා දීමට අපේක්‍ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.
You may like this video