තවත් වෛරසයක් සීග්‍රයෙන් පැතිර යයි - රෝග ලක්ෂණ මෙන්න..

India Virus
By Sewvandhi Mar 05, 2023 08:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

එය H3N2 ලෙස නම් කර තිබේ.

මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර එය දින පහත් හතත් අතර කාලයක් පවතින බව වාර්තා වේ.

තවද අධික ලෙස ශරීරයේ මාංශපේෂිවල වේදනාවක් පැවතීම ද මෙහි රෝග ලක්ෂණ වන බව වෛද්‍යවරුන් පවසා ඇත.

එම වෛරසය වැලඳුන විට ෆැරන්හයිට් අංශක 102 - 103 අතර අගයක් දක්වා ශරීර උෂ්ණත්වය ඉහළ යන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.‍‍‍‍


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

ReeCha