කර්මාන්ත ශාලාවක් අසල වෙඩි තැබීමක් - සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කීව දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
Gun Shooting
By krishani
කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
සැකකරුවන් විසින් එම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ, පිස්තෝල ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඒ අනුව හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇත.
එමෙන්ම මෙතෙක් වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
