නවසීලන්තයට සුපිරි ජයක්..

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By krishani Apr 05, 2023 04:28 AM GMT
krishani

krishani

Report

අද (05) ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

නවසීලන්ත කණ්ඩායමේ නායකයා තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේ ය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141ක් රැස් කළේ පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී සිටියදී ය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක දී එක් කඩුල්ලක් පමණක් දැවී සිටිය දී ලකුණු 146ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join


ReeCha