අද මැච් එකේ සුපිරි ජය - බංග්ලාදේශය ජය සමරයි.. (PHOTOS)
අද (15) පස්වරුවේ 2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ 12 වන තරගය ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්විණ.
ඒ ඉන්දියානු කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි.
මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
මේ අතර ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 6කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගගත හැකි වූයේ ලකුණු 259ක් පමණයි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බලාපොරොත්තු ගෙනා Shubman Gill පන්දු 133ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 121ක් රැස් කර ගත්තේ ය.
එහිදී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට දැඩි උත්සාහයක් දැරූ Axar Patel පන්දු 34කදී ලකුණු 42ක් රැස් කළේ ය.
පන්දු යැවීමේ දී Mustafizur Rahman කඩුලු 3ක් දවා ගත් අතර Mahedi Hasan සහ Tanzim Hasan Sakib කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.
ඉන්දියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කළේ ය.
ශකිබ් අල් හසන් පන්දු 85ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් රැස් කරගත් අතර Towhid Hridoy ලකුණු 54ක් රැස් කලේ ය.
එමෙන්ම Nasum Ahmed ලකුණු 44ක් රැස් කළ අතර Shardul Thakur කඩුලු 3ක් දවා ගත්තේ ය. Mohammed Shami කඩුලු 2ක් දවා ගත්තේය.




