ඉන්දීය පිළ කුසලානය ප්‍රතික්ෂේප කරද්දි පාකිස්තානය කරපු උතුම් පරිත්‍යාගය දෙස ලොවම හැරී බලයි

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව සඳහා හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් සඳහා එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඊයේ(28) දින මෙවරආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවති අතර එහිදි පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වුණා.

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි

ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි

අනතුරුව අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් ආගා විසින් තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ද අගෞරවයක් බව ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ පැවති අවසන් මහා තරගයෙන් අනතුරුව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද වන මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ද ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ශේප කර තිබූ බව වාර්තා වුණා.

පාකිස්ථානය පරදා ඉන්දියාව ආසියානු කුසලානය දිනයි

පාකිස්ථානය පරදා ඉන්දියාව ආසියානු කුසලානය දිනයි

ඉන්දීය ක්‍රිකට් පිළට වෙනස් විදිහට සුභ පැතු මෝදි

ඉන්දීය ක්‍රිකට් පිළට වෙනස් විදිහට සුභ පැතු මෝදි