ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය එපා කියයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා හේතු වී ඇත්තේ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් එම කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත බව සඳහන්.
මේ අතර ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ "පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා" යනුවෙන්.
ඒ අනුව කුසලානය ලබා දීමේ අවස්ථාවේදී "අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා," යනුවෙන් නිවේදකයා නිවේදනය කර ඇත.
එම උත්සවයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී, තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළා.
එසේ වුවද ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව ද තම ජයග්‍රහණය සමරනු ලැබූ බව සඳහන්.
ඊයේ දින පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.