උපාධිධාරීන් 23,000කට රජයෙන් කරන්න යන දේ මෙන්න.
රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 23,000ක් පස්දෙනා බැගින් පාසල්වලට යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව පාසල්වල අවශ්‍යතා මත උපාධිධාරි අභ්‍යාසලාභීන් පාසල්වලට යොමු කළහොත් කිසිදු ප්‍රශ්නයකින් තොරව පාසල්වල කටයුතු කර ගෙන යෑමට හැකි වන බවයි රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හදපාන්ගොඩ මහත්මිය පැවසුවේ.
මෙලෙස පාසල්වලට අනුයුක්ත කරන පිරිසට නිසි පුහුණුවක් නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළත්, එදා ප්‍රේමදාස පාලන යුගයේදී රුපියල් 1,000 වැටුපට බඳවාගත් ගුරුවරු පිළිබඳ ඒ කාලයේ කෙසේ වෙතත් මේ කාලයේවත් කිසිවක් නොකියන බවද ඒ මහත්මිය සඳහන් කරනවා.
අලුතින් පාසල්වලට යොමු කරන පිරිස උගත් අය බැවින් ඔවුනට යම් පුහුණුවක් දීමට ඕනෑ තරම් සම්පත් තිබෙන බවද හදපාන්ගොඩ මහත්මිය සඳහන් කළා.
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය මෙලෙස පැවසුවා…
“වසර එකහමාරකට අධික කාලයක් ගුරුවරුන්ට පාසල්වලට පැමිණ දරුවන්ට උගන්වන්න බැරි වුණා. නමුත් ඒ අය හැම මාසෙකම 20 දා මාසික වැටුප ගන්න නම් ගියා.
ඒ අය රාජකාරි නොකළත් සත පහක් අඩු නොකර වැටුප් දුන්නා. වර්ජනය කළ කාලෙත් සත පහක් අඩු නැතුව වැටුප ලැබුණා.
ඒත් මම දැක්කා ආණ්ඩුව දුන්න 5,000ක අමතර දීමනාව ඇතැම් අය ආපහු බාර දෙනවා.
හරි නම් වර්ජනයට එක් වූ අය කරන්න තිබ්බේ සම්පූර්ණ වැටුපම ප්‍රතික්ෂේප කරලා වර්ජනය කරන එකයි”
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |